ගංවතුරෙන් චීනයේ ජියැංසි අසරණ වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගංවතුර හේතුවෙන්, චීනයේ ජියැංසි පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නැඟෙනහිර චීනයේ ජියැන්ග්සි පළාතේ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා බලධාරීන් හතර වන මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව සඳහන් වේ.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.

විපතට පත්වූවන් වෙනුවෙන් චීන මධ්‍යම රජය යුවාන් මිලියන 8.13 ක් එනම් ඩොලර් මිලියන 1.14 වෙන් කර ඇති බව එරට මාධ්‍ය නිවේදනය කළේය.

නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාපතනයෙන් බලපෑමට ලක්ව ඇති අතර, යැංසි ගඟේ මැද හා පහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාම නිසා පෝයැං හා ඩොංටින් යන විල් වල ජාල මට්ටම් ද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...