හිටපු ඇමති කෙහෙළියගේ පවුලේ සාමාජිකයින්ගේ ස්ථාවර තැන්පතු 16ක් තාවකාලික තහනමකට!

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් ස්ථාවර ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණයට කරුණු දක්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිද, දියණියන් දෙදෙනාට හා එක් දියණියකගේ සැමියාට අයත් ස්ථාවර තැන්පතු 16ක් හා ජීවිත රක්ෂණ ඔප්පු තුනක් පසුගිය මස 27 වැනිදා සිට දින 07ක් සඳහා තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.

එම ගිණුම්වල වටිනාකම රු. මිලියන 93.12ක් බවයි දැක්වෙන්නේ.

සැකකටයුතු ගණුදෙනු වලින් එම මුදල් උපාය ගෙන ඇති බවට වන සැකය මත විමර්ශන සඳහා එලෙස තාවකාලික තහනමකට ලක් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...