බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂයට අමතක නොවෙන ජයක්!

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මීළඟ අගමැති පුටුවට ද ඔහු හිමිකම් කියනු ඇත.

මේවන විට කම්කරු පක්ෂය මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110ක් පමණ සංඛ්‍යාවකි.

මෙම ජයග්‍රහණය ලේබර් පක්ෂයට දීප්තිමත් ජයග්‍රහණයක් වූ අතර, අතිවිශිෂ්ට ජයග්‍රහණය 1997 දී ටෝනි බ්ලෙයාර් දිනාගත් ආසන 419 ට වඩා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...