ඉන්ධන අර්බුදය ජල සැපයුමටත් බලපායි ද?

Date:

පවතින ඉන්ධන හිඟය විවිධ ක්ෂේත්‍රයන්ට සෘජුවම බලපා ඇති බවක් දක්නට ලැබේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග ලැබී තිබෙන බව ප්‍රකාශ කළ ද අදත් දිවයිවේ බොහෝ ස්ථාන වල ඉන්ධන පෝලීම් දක්නට ලැබිණි.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියේ තම ජල පිරිපහදු මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක වන විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඩීසල් නිසි පරිදි නොලැබුනහොත් බොහෝ ප්‍රදේශ වලට ජලය සැපයීමට නොහැකි වනු ඇති බවයි. මෙම තත්ත්වය විදුලිය ඇණහිටින අවස්ථා වලදී බලපෑමට ඉඩ ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවා සිටියේ.

එමෙන්ම, දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල ඉල්ලුම ඉහළ ගොස් තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...