*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ඊලෝන් මස්ක් මහතා සමඟ මම සාකච්ඡා කළා. එම අන්තර්ජාල තාක්ෂණය, පාර්ලිමේන්තු පනත සම්මත වූ පසුව මෙරටට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ (LNW):

අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, නවීන තාක්ෂණය සමග ඉදිරියට යාමේදී අසල්වැසි ඉන්දියාවෙන් අප රටට ලැබෙන සහාය ඉතා අගය කොට සලකන බවත්, නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට අයිඅයිටී තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාදීමටද කැමැත්ත පළ කර තිබෙන බවද පැවසීය.

එසේම, ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙන බවද වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත් වේ.

එක් සුහුරු පංති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

“මේ වන විට ලෝකය නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ඒ අනුව මෙරට අධ්‍යාපන ක්‍රමය ද නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කණ මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

එදා අප අධ්‍යාපන ප්‍රතිපත්ති රැසක් රටට හඳුන්වා දුන්නා. එම අධ්‍යාපන ප්‍රතිපත්ති එම යුගයට ගැළපුනද අද වන විට සිදුව තිබෙන තාක්ෂණික දියුණුවත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයට නව ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙනවා.

මේ වන විට පාසල් තුළ කෘතිම බුද්ධි සමාජ ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එංගලන්තය ඇමරිකාව වැනි රටවල කෘතිම බුද්ධි තාක්ෂණය ආරම්භ කර වසර කිහිපයක් ගත වෙනවා. අප මේ වසරේ ආරම්භ කළ කෘතිම බුද්ධි තාක්ෂණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ගුරුවරුන්ට හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ යටිතල පහසුකම් ලබා දීමට රජය කටයුතු කරනවා. මධ්‍ය මහා විද්‍යාල සහ ජාතික පාසල් කෘතිම බුද්ධි පාසල් දක්වා උසස් කළ යුතුයි.

නවීන තාක්ෂණය සමග ඉදිරියට යාමේදී අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබෙන සහාය ඉතා අගය කොට සලකනවා. නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවට අයිඅයිටී තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාදීමටද කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙනවා.

මැලේසියාවේදී ඊලෝන් මස්ක් මහතා සමඟ මම සාකච්ඡා කළා. එතුමාගේ අන්තර්ජාල තාක්ෂණය, පාර්ලිමේන්තු පනත සම්මත වූ පසුව මෙරටට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඈත ගම්වල සිටින දූ දරුවන්ට තාක්ෂණික අධ්‍යාපනය කඩිනමින් ලබාදීමට එමඟින් අවස්ථාව ලැබෙනවා. අද දකුණු පළාත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දක්වන පළාතක් බවට පත්ව තිබෙනවා. දකුණු පළාතේ පළමු ඕලන්ද පාසල තමයි අද බද්දේගම ජාතික පාසල බවට පත්වී තිබෙන්නේ.

නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අනාගතයට ගැළපෙන දරුවෙක් නිර්මාණය කිරීම මඟින් රටක් ලෙස ලෝකය ජය ගැනීමට අපට අවස්ථාව හිමි වෙනවා.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ යන මහත්වරු සහ දකුණු පළාත් අධ්‍යාපන නිලධාරීන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් , සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan