ටියුෂන් ඇතුළු අලුත් ක්ෂේත්‍ර 14 කටත් බදු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙතෙක් සැලකිල්ලට භාජනය නොවූ ක්ෂේත්‍ර 14කින් ද බදු අයකරගැනීමට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ ඔස්සේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“ගිය අවුරුද්දේ අපි ගෙනාවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපයීම, ඉංජිනේරු සේවාවන්, මිනින්දෝරු සේවාවන් ඔය 14 තුළ තියෙනවා. ඒ නිසා ඒ 14 තුළින් ලියාපදිංචි වුණ සියලුදෙනාගේ ආදයම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යනවා”

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...