ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස සැඟවුණු කරුණු රැසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

බුඩායි ආරංචි මාර්ග සදහන් කරන්නේ,ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු මේ සදහා සම්බන්ධ කර ගෙන ඇත්තේ මේ වන විට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටී විසින් බවයි.

යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් අහුංගල්ලේ ලොකු පැටී මෙය සිදුකර ඇති බව ආරංචි මාර්ග පවසන අතර , අහුංගල්ලේ ලොකු පැටී විසින් දුලාන් සංජුල නමැති ටැටූ නිර්මාණකරුවාට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදී ටැටූ කෙටීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

එම ටැටූ නිර්මාණ ශිල්පියා විසින් අතුරුගිරිය නගරයට ආසන්න ටැටූ කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කර ඊයේ (08) උදෑසන එය විවෘත කිරීමට සැළසුම් කළේය.එය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතය අමුුත්තා වශයෙන් ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ගෙන්වා ගෙන ඇත.අහුංගල්ල ලොකු පැටීගේ මත්කුඩු විකිණීමේ ජාවාරමට එම ටැටූ ව්‍යාපාරිකයාගේ මව සම්බන්ධ බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...