නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය!

කොළඹ LNW:නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) උත්සවශ්‍රීයෙන් පැවැත් වුණි.

භාරතීය හා ලෝවාසී හින්දු බැතිමතුන් ඉතාම ගෞරවයෙන් යුතුව පරිශීලනය කරන රාමායණයේ සඳහන් අන්දමට මීට වසර හත්දහස් හයසියයකට පෙර රාවණ රජු විසින් රැගෙන ආ සීතා දේවිය සොයා පැමිණි හනුමන්තාට සීතා දේවිය හමුවන්නේ සීතාඑළියේ මෙම කෝවිල පිහිටි ස්ථානයේ දී ය.

මීට වසර එකසිය පනහකට පමණ පෙර ඉදිකළ බව සැලකෙන ලංකාවේ සහ විශේෂයෙන් ඉන්දියානු බැතිමතුන්ගේ පුද පූජාවට පාත්‍ර වන නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ පසුගිය මැයි 19 වැනිදා පැවති කුම්භාභිෂේක මංගල්‍යයට පසු දින 47 ක් පුරා පැවති පූජාවන් හි අවසාන මහා පූජාව හෙවත් මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) පැවැත් වුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ අයෝධ්‍යා නුවර රාම දෙවොලේ (රාම කුමරු උපන් බිම)සිට මෙරටට ගෙන ආ සුවිශේෂ ශෛල ස්ථම්භය සහ නේපාලයේ ජනක්පුර් (සීතා දේවිය උපන් බිම) සිට රැගෙන ආ ශිලා ඵලකය කොවිලේ තැන්පත් කිරීම මෙහි දී සිදු කෙරිණ . එම පූජා භාණ්ඩ සහ රාමා,සීතා ලක්ෂ්මණ සහ හනුමන් ප්‍රතිමා රැගත් පෙරහැර නුවරඑළිය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු සීතා අම්මාන් කෝවිලට ගෙවැදුනි. වසර අටකට වරක් පැවැත් වෙන කුම්භාභිෂේක මහෝත්සවයේ තුන්වන කුම්භාභිෂේක මංගල්‍යය පසුගිය මැයි මස 19 වැනිදා පැවැත් වුණේ ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් රැසක හින්දු බැතිමතුන් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් බවත්, පසුගිය සෙනසුරාදා පැවති මහා පූජාවට ද ඉන්දීය බැතිමතුන් ද විශාල පිරිසක් එක් වූ බව නුවරඑළිය සීතාඅම්මාන් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...