නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය!

Date:

කොළඹ LNW:නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) උත්සවශ්‍රීයෙන් පැවැත් වුණි.

භාරතීය හා ලෝවාසී හින්දු බැතිමතුන් ඉතාම ගෞරවයෙන් යුතුව පරිශීලනය කරන රාමායණයේ සඳහන් අන්දමට මීට වසර හත්දහස් හයසියයකට පෙර රාවණ රජු විසින් රැගෙන ආ සීතා දේවිය සොයා පැමිණි හනුමන්තාට සීතා දේවිය හමුවන්නේ සීතාඑළියේ මෙම කෝවිල පිහිටි ස්ථානයේ දී ය.

මීට වසර එකසිය පනහකට පමණ පෙර ඉදිකළ බව සැලකෙන ලංකාවේ සහ විශේෂයෙන් ඉන්දියානු බැතිමතුන්ගේ පුද පූජාවට පාත්‍ර වන නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ පසුගිය මැයි 19 වැනිදා පැවති කුම්භාභිෂේක මංගල්‍යයට පසු දින 47 ක් පුරා පැවති පූජාවන් හි අවසාන මහා පූජාව හෙවත් මංගලාභි⁣ෂේක මංගල්‍යය පසුගිය සෙනසුරාදා (06) පැවැත් වුණි.

ඊට සමගාමීව ඉන්දියාවේ අයෝධ්‍යා නුවර රාම දෙවොලේ (රාම කුමරු උපන් බිම)සිට මෙරටට ගෙන ආ සුවිශේෂ ශෛල ස්ථම්භය සහ නේපාලයේ ජනක්පුර් (සීතා දේවිය උපන් බිම) සිට රැගෙන ආ ශිලා ඵලකය කොවිලේ තැන්පත් කිරීම මෙහි දී සිදු කෙරිණ . එම පූජා භාණ්ඩ සහ රාමා,සීතා ලක්ෂ්මණ සහ හනුමන් ප්‍රතිමා රැගත් පෙරහැර නුවරඑළිය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු සීතා අම්මාන් කෝවිලට ගෙවැදුනි. වසර අටකට වරක් පැවැත් වෙන කුම්භාභිෂේක මහෝත්සවයේ තුන්වන කුම්භාභිෂේක මංගල්‍යය පසුගිය මැයි මස 19 වැනිදා පැවැත් වුණේ ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් රැසක හින්දු බැතිමතුන් දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් බවත්, පසුගිය සෙනසුරාදා පැවති මහා පූජාවට ද ඉන්දීය බැතිමතුන් ද විශාල පිරිසක් එක් වූ බව නුවරඑළිය සීතාඅම්මාන් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...