*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඇමෙරිකානු මේස පන්දු සූරතාවලියේ දී ටාෂියාගෙන් ඉහළ දස්කම්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 09, (LNW) කොළඹ :

ඇමෙරිකානු මේස පන්දු ජාතික සූරතාවයේදී ටාෂියා පියදාස කැපී පෙනෙන දස්කම් දක්වමින් අවුරුදු 17 න් පහළ බාලිකා සූරතාවය ද අවුරුදු 19 න් පහළ බාලිකා අනු සූරතාවයද දිනා ගන්නට සමත් වුණා.අවුරුදු 15 න් පහළ තරග කාණ්ඩයේදී ටාෂියාට තෙවන තැනින් සැහීමට සිඳු වුණා.
ටාෂියා අවුරුදු 15 න් පහළ තරග වැදීමට සුදුසු වයස් කාණ්ඩයේ ක්‍රීඩකාවක් වන අතර ඇය එම වයස් කාණ්ඩයේ අවසාන පූර්ව තරගවලදී මද පසුබෑමක් පෙන්නුම් කරමින් එම වයස් කාණ්ඩයේ අනු සූරිය වූ, යූ අභිගේල් හමුවේ පරාජය ලැබුවාය.එහෙත් ඇය අවුරුදු 17 න් පහළ අවසාන පූර්ව තරගයේ දී අභිගේල් පරාජය කළාය.

එසේම අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ සූරිය වූ යූ මැන්ඩිව අවුරුදු 17 න් පහළ අවසාන පූර්ව තරගයේ දී පරාජය කළ චාන් නතාලිව අවසාන තරගයේ දී පරාජයට පත් කරන්නට සමත් වෙමින් ටාෂියා අවුරුදු 17 න් පහළ සූරිය ලෙස අභිෂේක ලැබුවාය.


අවුරුදු 19 න් පහළ තරග කාණ්ඩයේදී යෙඕහ් අයිරින් සමඟ අවසන් ගැටුමට පිවිස පරාජය ලැබූ ටාෂියා එහි අනු සූරිය ලෙස කිරුළු පැළඳු අතර අවුරුදු 21 න් පහළ වයස් කාණ්ඩයේ තරගවලදී ද ඇය අවසාන පූර්ව තරග වටය දක්වා පැමිණ ඇමෙරිකානු මේස පන්දු සමාජයේ දැඩි අවධානයට ලක් වූවාය.

මතු අනාගත බලාපොරොත්තුවක් සේ ඇමෙරිකානු මේස පන්දුව විසින් රැක බලා ගන්නා ක්‍රීඩිකාවක වන ටාෂියා ටම් තරගාවලියේ දී පරාජය ලැබූ තරගවලදී සහ ජයග්‍රාහී තරවලදී ද,තරගාවලියේ තරග තීරණ ලැබුණු ආකාරයෙන් ද පැහැදිළි කළේ ඇමෙරිකානු කාන්තා මේස පන්දු කේෂ්ත්‍රය ඇතුළත ඕනෑම කාන්තා තරගයක ජයග්‍රහණය ලැබිය හැකි මට්ටමේ සුවිශේෂී ක්‍රීඩිකාවක ලෙස ඇය සිටින බවය.ඒ මොහොතට අදාළව ජයග්‍රහණය වෙනස් වන සමාන දක්ෂතා ඇති ඇමෙරිකානු ක්‍රීඩිකාවන් ගොන්නේ තමන්ගේ නම ද සටහන් විය යුතු බව මේ තරගාවලියේ දී ටාෂියා ස්ථීර කර ගත්තාය.


https://bit.ly/3Lgo66Q තරගාවලියේ සෑම වයස් කාණ්ඩයකම තරග දක්ෂතා ඉහත ලබා දී ඇති සබැඳිය හරහා පිවිස ලබා ගැනීමේ හැකියාව ඇත. එ’මඟින් ටාෂියාගේ මේ තරගාවලියේ ස්ථාවර තත්ත්වය මෙන්ම අනාගතය ද විමසිල්ලෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබට ඇත.


ටාෂියාගේ නැගණිය ද ඇමෙරිකානු මේස පන්දු සංස්කෘතිය ඇතුළත මතු බලාපොරොත්තු සහිත ක්‍රීඩිකාවක ලෙස වැඩෙන්නීය.ඇය ද මේ තරගාවලියේ දී අවුරුදු 13 න් පහළ තරග අංශයේ අර්ධ අවසන් පූර්ව තරග වටයට ද,15 න් පහළ තරග කාණ්ඩයේ සහ අවුරුදු 19 න් පහළ තරග කාණ්ඩයේ අවසන් 16 දෙනා අතරට ද පිවිසෙන්නට සමත් වූවාය.ඇය විවෘත කාන්තා අංශයේ ද අර්ධ අවසන් පූර්ව තරගවලදී තරග වැදුණාය.


ටාෂියා සහ ටියානා ශ්‍රී ලංකාවේ අංක එකේ මේස පන්දු සූරයා ලෙස කළක් වැජඹුණු තිළින පියදාසගේ සහ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මේස පන්දු ක්‍රීඩාකාවක වන රිෆ්නා කාමිල්ගේ දියණියෝ වෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan