වැසි තත්වයේ යළි වෙනසක් – අද (11) කාලගුණ නිවේදනය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (ජුලි මස 12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (11) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...