මහින්දානන්ද කැරම් බෝඩ් නඩුවෙනුත් නිදහස් වෙයිද ? – තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් දේශපාලන වුවමනාවන් මත ක්‍රීඩා සංගම්වලට බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවකට සතොස සභාපති, වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් ඔවුන්ව විත්තියේ සාක්ෂි නොකැඳවාම නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය අද (11) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

මෙම නියෝගය ජුලි 09 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එදින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සම්පූර්ණ වී නොතිබුණු බැවින් අද දිනය දක්වා එය කල් තැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...