දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි. 35ක් දුවන බව දෙපාර්තමේන්තුව කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය අද (11) දිනයේත් ක්‍රියාත්මක වේ.

නිසි පරිදි උසස් වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර මේ හේතුවෙන් ඊයේ දිනයේදී දුම්රිය මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබිණි.

ඊයේ දහවල් 12 වනවිට සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බවට දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයක් නිකුත් කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමටයි වෘත්තීය සමිති තීරණය කර තිබුණේ.

කෙසේවෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මක වුව ද කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද දිනයේදී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...