“දිනුම රටට – එක්ව පෙරට”නව සන්ධානය බදුල්ලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ තෙවන ජන රැළිය අද (14) දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පර්ක් ක්‍රිඩාංගනයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹුණු බව වාර්තා වේ.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි බදුල්ල ජන රැළිය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් විසින් සංවිධානය කරනු ලැබීය.

ශ්‍රිලනිප ප්‍රමුඛ නව සන්ධාන ජන රැළි මාලාවේ බදුල්ල ජන රැළියට වාර්තාගත ජනතාවක් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ආර්ථිකය ශක්තිමත් කිරීම හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය ප්‍රමුඛ නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, නලින් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූහ. එමෙන්ම නව සන්ධානයට සහය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...