“දිනුම රටට – එක්ව පෙරට”නව සන්ධානය බදුල්ලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ තෙවන ජන රැළිය අද (14) දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පර්ක් ක්‍රිඩාංගනයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹුණු බව වාර්තා වේ.

“දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි බදුල්ල ජන රැළිය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් විසින් සංවිධානය කරනු ලැබීය.

ශ්‍රිලනිප ප්‍රමුඛ නව සන්ධාන ජන රැළි මාලාවේ බදුල්ල ජන රැළියට වාර්තාගත ජනතාවක් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ආර්ථිකය ශක්තිමත් කිරීම හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය ප්‍රමුඛ නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, නලින් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූහ. එමෙන්ම නව සන්ධානයට සහය දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවට ඇඟිල්ල ගහන්න ඉඩක් හදන ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ඉන්දියාව,පකිස්තානය සහ බංගලාදේශය සමීපව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...