කොළඹ LNW:යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින් එහි වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකියි බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ අමාත්‍යාංශය විසින් බැහැර කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ