බංග්ලාදේශයේ රැකියා කොටාවන්ට එරෙහිව ශිෂ්‍ය විරෝධතා වලදී මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමයක් අනුමත කළ මහාධිකරණයේ තීරණයන්ට එරෙහිව පසුගිය ජුලි 01 වන දා සිට ඇරඹුණු විරෝධතාවයන් වලදී බංග්ලාදේශයේ සිසුන් දහස් ගණනක් සන්නද්ධ පොලිසිය සමඟ ගැටී 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඩකා නගරයේ වාහන, පොලිස් මුරපොල සහ අනෙකුත් ආයතනවලට ගිනි තැබූ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළ බව රොයිටර් වාර්තා කර ඇති අතර මේ වන විට රටපුරා අන්තර්ජාල සේවාවන් අත්හිටුවා තිබේ.

ශිෂ්‍යයන්ට එරෙහිව එවැනි ආකාරයේ පොලිස් බලයක් යොදා ගැනීම පෙර නොවූ විරූ දෙයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි අයිතිවාසිකම් කණ්ඩායම් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපදය සාමකාමී විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලා ඇති අතර තත්වය තවමත් අස්ථාවර සහ නොසන්සුන් බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...