සටහන – රුවන් නෙළුගොල්ල
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කිරුළ පදනම එක්ව පවත්වන “මහනුවර දිස්ත්‍රික් පූර්ව ළමාවිය අධ්‍යාපන හා ඉගැන්වීමේ කුසලතා සංවර්ධන වැඩසටහන සහ සහතික පත්‍ර ප්‍රදානෝත්වය” අද (20) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඒ, ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සහ කිරුළ පදනමේ නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
නවීන ලෝකයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත්ව සකස් කිරීම සහ සුහුරු පෙරපාසල් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.
පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන්, ගුරුවරුන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටිති.
එහි සජීවී විකාශය පහතින් දැක්වේ.