මිරිහාන ජනාධිපති නිවස ඉදිරිපිට පැවති විරෝධයේ අද උදෑසන තත්ත්වය! (VIDEO)

Date:

ඊයේ (31) රාත්‍රියේ සිට අළුයම දක්වා මිරිහාන ජනාධිපති නිවාස ඉදිරිපිට සහ ඒ අවට පැවති දැවැන්ත විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය කරන විටත් අද අළුයම 03.00 පමණ වී තිබුණි.

එම උද්ඝෝෂණය අතරතුර හටගත් නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු පමණ තුවාල ලබා තිබුණු අතර එම පිරිස අතර පොලීසියේ,පොලිස් විශේෂ කාර්ය බලකායේ, මාධ්‍යවේදීන් පිරිසක්ද වන බවයි දැක්වෙන්නේ.

සිද්ධියට සම්බන්ධ 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කඳුළු ගෑස්,ජල ප්‍රහාර හමුවේද උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ඉතාම දුෂ්කර කටයුත්තක වී තිබුණු අතර මිරිහාන මහරගම මාර්ගය,නුගේගොඩ ජුබිලි කණුව,පන්ගිරිවත්ත මාවත, ඇඹුල්දෙණිය හන්දිය යන ප්‍රදේශවලින් මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී තිබුණි.

මේ අතර එම ස්ථානයෙන් ඉවත්ව යමින් සිටි විරෝධතාකරුවන්ට පොලීසිය දැඩි ප්‍රහාර එල්ල කළ බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

විරෝධතාව අසල නවතා තිබුණු යුද හමුදාවට අයත් බස් රථයක්,පොලිස් ජීප් රථයකට ද ගිනි තබා තිබුණු අතර තවත් වාහන රැසකට අලාභ හානි සිදුව තිබුණි.

එම ගින්නෙන් වාහන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණු අතර විශේෂ කාර්ය බලකායේ ජීප් රථවලටද ගල් මුල් ප්‍රහාර එල්ල වීමෙන් දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බවයි අද උදෑසන වන විට දක්නට ලැබුණේ.

ජනතාව මෙලෙස සංවිධානය වී තිබුණේ ඉන්ධන අර්බුදය, බඩු මිල ඉහළ යාම,විදුලි කප්පාදුව ඇතුළු පවතින ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමිනි.

ඊයේ පැවති මෙම විරෝධතාව සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතියි.

මේ අතර එළඹන 03 වැනිදාද ආණ්ඩුවට විරෝධය පළකරමින් රට පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...