රනිල් මුජිබර්ට දුන් අවවාදය ….

Date:

මේක ගිය අවුරුද්දේ කතාවක්. ගිය අවුරුද්දේ මුල, පළාත් පාලන මැතිවරණය කැඳවලා තිබුණු කාලයේ කතාවක්.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරගන්න දිනය නිවේදනය කළාට පස්සේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධුරයට තරග කරන්න යනවා කියලා කතාව පැතිරුණා. ඔය කාලේ දවසක පාර්ලිමේන්තු ආපු ජනාධිපති රනිල්ට පාර්ලිමේන්තු ලොබියේදී මුජිබර්ව මුණගැහිලා. ඔතන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාරුත් හිටියා ලු.

මුජිබර්ව කතාවකට අල්ලා ගත්තු ජනාධිපති රනිල් මුජිබර්ට කිව්වාලු “මුජිබර් මන්ත්‍රීකමෙන් අස්වෙන්න යනවා කියලා ආරංචියි. ඔය තීරණය ගන්න කලින් දෙපාරක් හිතන්න” කියලා. මුජිබර් ඉතිං ඔය කතාව වැඩිය ගණන් ගන්නෙ නැතිව හිනාවෙලා ඉඳලා.

ඊට ටික දවසකට පස්සේ මුජිබර් ඉල්ලා අස්වෙලා කොළඹ මහ නගරසභාවට නාමයෝජනා දුන්නා. ආණ්ඩුව ඒ ඡන්දය පවත්වන්නේ නැතිව කල්දැම්මා. අදටත් ඒ ඡන්දය නෑ. මුජිබර්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නෑ. මුජිබර් වෙනුවට සජබ කොළඹ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු ඒ. එච්. එම්. ෆවුසි ආණ්ඩුවට පැන්නා. සජබට ඒ මන්ත්‍රී සීට් එකත් නෑ.

ඔයින් මාස කීපයකට පස්සේ කොළඹ තිබුණු උත්සවයකදී ආපහු පාරක් ජනාධිපති රනිල්ට මුජිබර් හම්බුණා ලු. “කෝ ඉතින්, මං කිව්වට ඔයා ඇහුවෙ නෑනෙ …” කියලා රනිල් මුජිබර්ට එතනදී කිව්වා ලු.

මුජිබර් ෂේප් එකේ එතනින් මාරුවෙලා ගියේ “මෙයා තමයි මිනිහා” කියාගෙන ලු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...