චීනයේ ශ්‍රමිකයන්ගේ විශ්‍රාම යෑමේ වයසෙහි වෙනසක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 24, LNW කොළඹ:
චීනය එහි වයස්ගත ජනගහනයට සහ විශ්‍රාම වැටුප් ක්‍රමයට සාර්ථකව මුහුණ දීම සඳහා ඉදිරි වසර පහ තුළ සිය ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ක්‍රමයෙන් ඉහළ නැංවීමේ සූදානමක් පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබේ.

1949 කොමියුනිස්ට් විප්ලවය වන විට යන්තම් අවුරුදු 36 ක් වූ රටේ ආයු අපේක්ෂාව දැන් අවුරුදු 78 දක්වා ඉහළ ගොස් ඇති බව ද චීනය පෙන්වා දෙයි.

නමුත් චීනයේ විශ්‍රාම යන වයස ලෝකයේ අඩුම විශ්‍රාම යෑමේ වයස් මට්ටම ලෙස පවතින අතර එය පිරිමින් සඳහා අවුරුදු 60, රජයේ රැකියා කරන කාන්තාවන් සඳහා අවුරුදු 55 සහ කම්කරු පන්තියේ කාන්තාවන් සඳහා අවුරුදු 50 ලෙස විය.

විශ්‍රාම වයස වැඩිකිරීමේ සැලැස්ම, තුන්වන ප්ලේනම් ලෙස හඳුන්වන පස් අවුරුදු ඉහළ මට්ටමේ කොමියුනිස්ට් පක්ෂ රැස්වීමේ දී පසුගිය සතියේ සම්මත කරගත් යෝජනා මාලාවක කොටසක් ද විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...