ඇමසන් වැසි වනාන්තර විනාශය වෙනුවෙන් ගව පාලකයකුට ඩොලර් මිලියන 50ක දඩයක් නියම කෙරේ

0
261

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමසන් වැසි වනාන්තරයේ කොටසක් නීතිවිරෝධී ලෙස විනාශ කිරීම හරහා දේශගුණයට සිදු කළ හානිය හේතුවෙන් බ්‍රසීලයේ ෆෙඩරල් අධිකරණයක් විසින් ඩර්සියු කෘගර්ගේ නම් ගව පාලකයකුගේ වත්කම් අත්හිටුවා ඩොලර් මිලියන 50ක වන්දියක් ගෙවීමට නියම කර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව බ්‍රසීලයේ පරිසර හා පුනර්ජනනීය ස්වභාවික සම්පත් ආයතනය (ඉබාමා) නියෝජනය කරමින් බ්‍රසීලයේ නීතිපති කාර්යාලය ගොනුකර තිබු අතර මෙය මේ දක්වා බ්‍රසීලයේ දේශගුණික අපරාධ සම්බන්ධයෙන් ගෙන එන ලද විශාලතම සිවිල් නඩුව වේ.

ඇමසන් වැසි වනාන්තරය ගෝලීය දේශගුණ පද්ධතියට අත්‍යවශ්‍ය වන නමුත් මේවන විට නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇත.