බස් ගාස්තු සංශෝධනය හෙට සිට

Date:

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා බාරදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩෝ මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.

මෙම වාර්තාව මගින් අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර සෙසු ගාස්තු 08% කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සකස් කරන වාර්තාව සලකා බලා හෙට දිනයේ සිට බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලා සිටි අතර අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කළේය. කෙසේ නමුත් අවම ගාස්තුව රුපියල් 16 දක්වා පමණක් ඉහළ යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...