බස් ගාස්තු සංශෝධනය හෙට සිට

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා බාරදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩෝ මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.

මෙම වාර්තාව මගින් අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර සෙසු ගාස්තු 08% කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සකස් කරන වාර්තාව සලකා බලා හෙට දිනයේ සිට බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලා සිටි අතර අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කළේය. කෙසේ නමුත් අවම ගාස්තුව රුපියල් 16 දක්වා පමණක් ඉහළ යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...