මේ රටට පරණ පාර්ලිමේන්තු ක්‍රමය ගෙන්න ඕනේ.විධායකයෙන් වුණේ රට බංකොලොත් වීම – ලාල් කාන්ත

Date:

කොළඹ LNW: එළඹෙන සැප්තැම්බර් 21 මාලිමාවට කතිරය ගැසිය යුතු වන්නේ විධායක බලය ක්‍රියාත්මක කරන කෙනා පිස්සු නම් කෙළින්නේ අවුරුදු පහක් යන්න පෙර පුටුවෙන් බැස්සවිය හැකි ආකාරයේ පාලනයක් දක්වා රට වෙනස් කර ගැනීමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා පැවසුවේය.

එම ක්‍රමය මෙරටට අලුත් දෙයක් නොවන අතර 77ට පෙර පැවති පාර්ලිමේන්තුවට බලය යන එම ක්‍රමවේදය යළි ස්ථාපිත කර ගත යුතු වන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.

නමුත් දන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරගන්නා කෙනා මොනවා කළත් අවුරුදු පැහැයක් යනතුරු පුටුවෙන් බස්සවා ගත නොහැකි බව හෙතෙම කියාසිටියේය.

එලෙස නැවත පරණ පාර්ලිමේන්තු ක්‍රමයට යා යුතු වන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රතිඵලය රට බංකොලොත් වීම නිසා බවද හෙතෙම සඳහන් කරන ලදී.

ලාල් කාන්ත මහතා මෙම අදහස් පළකර සිටියේ අද (30) සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ 27 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...