මවුලවිවරයකු ගිනිඅවි ප්‍රවාහනය කරමින් සිටියදී STF අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

මඩකලපුව මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවිවරයෙකු ගිනිඅවි ඇතුළු ආයුධ කිහිපයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

සැකකාර මව්ලවිවරයාගේ යතුරුපැදියේ තිබී ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක් සොයාගෙන ඇත.

පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අරලගංවිල විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , අත්අඩංගුවට ගත් මවුලවිවරයා ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු බව විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...