ජන්දය කඩාකප්පල් කිරීමේ සැකයක් ගැන විපක්ෂ නායක කියයි!

Date:

කොළඹ LNW:ග්‍රාම නිලධාරින්ට හිමි දීමනා නොගෙවා රජය ඡන්ද කඩාකප්පල් කිරීමේ සැලසුමක සිටිනවාද යන්න සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බිම් මට්ටමේ විශාල සේවාවක් ඉටු කරන ග්‍රාම නිලධාරින්ගේ සේවය තමා අගය කරන බවත් පුද්ගලයෙක් සමාජයට බිහි වීමේ සිට උපත විවාහය මරණය ආදී සැම දේකදීම මේ අය ජනතාවට සමීප බවත් කාලයක් පුරා මේ අයගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

සේවා ව්‍යවස්ථාව නිසි පරිදි ස්ථාපිත කිරීම සහ සාධාරණ වැටුප් ක්‍රමයක් ඇති කිරීම ආදී ගැටලු රැසකින් ග්‍රාම නිලධාරීන් පෙළෙන අතර පසුගිය වසර හතරක කාලයේ තමා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ නමුත් අද වන විට සුරංගනා කතා බවට ඒවාට ලැබුණු පිළිතුරු ලක් වී ඇති බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ග්‍රාම නිලධාරීන්ට ඡන්ද නාම ලේඛන සදහා රු 13ක දිමනාව රු. 30 ක් කරන ලෙස මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්‍රියාත්මක නැති බවත් මේවා නොදීමෙන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ රජයේ වක්‍ර හැගීමක් ඇත්ද කියා තමා සැක පළ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියෛස්ටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (31) ඒකාබද්ධ ග්‍රාම නිලධාරි සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...