ඇමති පවිත්‍රාත් වික්‍රමසිංහ රැල්ලේද?

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිය යුතු බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආධාරකරුවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරිය අද (01) සිය ආධාරකරුවන් පැල්මඩුල්ලේ සිය නිවසට කැඳවා තිබෙන අතර එහිදී එම ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන ලෙස අමාත්‍යවරියගෙන් එකී ආධාරකරුවන්ගෙන් පිරිසක් ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම තවත් පිරිසක් පවසා ඇත්තේ පක්ෂයක් ලෙස යළි තීරණය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදිය යුතු බවයි.

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවට අදහසක් ඔවුන්ගේ පළවී නොමැති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය විසින් සිය කණ්ඩායම ශක්තිමත් කරගැනීම වෙනුවෙන් පිරිස් එක්කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ සහයද වික්‍රමසිංහ පාර්ශවයට හිමිව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...