හසීනා ගෝ හෝම් අරගලේ 52ක් මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා නැවත වීදිවලට ​​පැමිණි දස දහස් ගනනක් විරෝධතාකරුවන් අතරින් 52 දෙනෙකු මේ වන විට මරණයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිරීම නිසා බංග්ලාදේශයේ නව වටයක ප්‍රචණ්ඩත්වයක් ආරම්භව වී තිබේ.

රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිසුන් 200 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ ජුලි මාසයේ පෙර විරෝධතාවලින් පසුව උද්ඝෝෂකයන මේ වන විට හසීනාට ඉල්ලා අස් වන ලෙස බලකරමින් සිටියි.

මේ වන විට බංග්ලාදේශ රජය විසින් අන්තර්ජාල ප්‍රවේශය අවහිර කර ඇති අතර සඳුදා සිට බදාදා දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම වෙඩි තැබීමට ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති හසීනා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, විරෝධතා නාමයෙන් කඩාකප්පල්කාරී ක්‍රියා කරන විනාසකරිව හැසිරෙන අය තවදුරටත් සිසුන් නොව අපරාධකරුවන් බවත්, ඔවුන් සමඟ ජනතාව අත්වැල් බැඳ නොගත යුතු බවත්ය.

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...