එතෙර සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට on arrival වීසා පමණයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම හරහා ක්‍රියාත්මක වූ ක්‍රමවේදය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයත් සමග ඉදිරියේදී වීසා නිකුත් කරන ආකාරය ගැන අධ්‍යයනය කරමින් සිටින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසයි.

අද (05) දින මෙම අතුරු තනහම් නියෝගය තමාට ලැබෙන බවත්, එය අධ්‍යයනය කර ක්‍රමවේදයක් සකසන බවත් පාලක ජනරාල්වරයා පවසන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට කාණ්ඩ 17ක් යටතේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. ඒ වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගිනි.

මෙම ක්‍රමවේදය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට කරුණු දක්වමින් ඉදිරිපත්වුණු පෙත්සම් 8ක් සැලකිල්ලට ගනිමින් පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර, එබැවින් එතෙර සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණ ගුවන් තොටුපළින් වීසා ලබාගැනීමට (on arrival) සිදුව ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...