*
Monday, October 14, 2024
spot_img

Latest Posts

වැන්ඩර්සේමය වින්දනයක්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 03, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ කරන ඉන්දීය කණ්ඩායමේ තරග සංචාරයේ දී විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ මැද පෙළට සිඳු වු අනතුරම එක්දින තරගාවලයේ දී ඉන්දීය කණ්ඩායමේ මැද පෙළට වෙමින් තිබෙනවා.පළමු තරගයේ දී අවසන් මෙන්ම දෙවන තරගයේ දී ලකුණු 240 ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 97 ක් එකතු වුණා.ඒ පන්දු ඕවර් 13.3 ක් තුළයි.එහෙත් පළමු කඩුල්ල එම ලකුණු ප්‍රමාණයේ දී අහිමිවන ඉන්දීය කණ්ඩායම 43 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී සියල්ල දැවී ලබා ගන්නේ ලකුණු 208 ක් පමණයි.පන්දු ඕවර් 30 ට ආසන්න කාලයක් තුළ ඔවුන් ලකුණු 111 ක් ලබාගෙන කඩුලු 9 ක් අහිමි කර තිබෙනවා.


මේ කාරණයෙන් එක දෙයක් පැහැදිළි වෙනවා.තරගයේ ඒ මොහොත කියවාගන්න අපහසු ඕනිම කෙනෙකුට උරුම පරාජය.ඒක අද ශ්‍රී ලංකාවට සහ හෙට ඉන්දියාවට ලෙස වෙනස් වෙවී විය හැකියි.වඩාත් වැදගත් මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ආකල්පමය වශයෙන් වෙනසක් පෙන්වීම.තරගයෙන් ඈත් වෙන්නෙ නැහැ.එක ලකුණත් ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළොත් මහා විශාල ජයග්‍රහණයකට ප්‍රමාණවත් විය හැකි බව තේරුම් ගෙන සටන් කිරීමයි.


තෙවන විස්සයි විස්ස තරගාවලියෙදි නොතිබුණු මේ ලක්ෂණය එක්දින තරගාවලිය වෙනකොට කණ්ඩායමට ඇතුල් වූ තැන සහ ඊට දායක වූ පිරිස විසින් ඇති කර තිබෙන ආකලපමය වශයෙන් වූ වෙනස්කම මේ ජයග්‍රහණයේ පදනමයි.ඒ නිසා මේ ඔළු ගෙඩි පේන්න තියෙන ශරීර භාෂාව පිටතින් ඇති කරපු වෙනස්කමක් ලෙස පමණක් ගත නොහැකියි.කාලෙකට පස්සෙ එන සුබ පණිවිඩ හරිම අහඹු විදිහට ඇති කරන සංවේදීකම මෑත් කරලා ඇත්තට එබෙන කොට පේන දේ තමයි මනස ශරීරය කොයි තරම් බර වුණත් වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න ශක්තිමත් කර තිබීම.
ඒ නිසා තරගයේ පන්දුවෙන් පන්දුවට තරගය දැකපු අය ඉදිරියේ අප නැවත ලියා තැබීම පළක් නැති වැඩක්.ඒ නිසා වත්මන් කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයෙක් වන රන්ජන් පරණවිතාන තබපු මේ සටහනෙන් කියවෙන තරගයේ වීරයා වූ ජෙෆ්රි වැන්ඩර්සේ ගැන මේ ටික උපුටා දක්වන්න හිතුණා.

// වැන්ඩාගේ අපූරු කෙරුවාව…!

ක්‍රිකට් කරළියේ අලුත්ම වීරයා වැන්ඩසේය.
කවුරුත් ඔහුට කියන්නේ වැන්ඩා කියාය.
වැන්ඩා ඊයේ දැක්වූයේ ක්‍රිකට් වල කියවෙන අපූරු කම් බෑක් එකකි. ඕනෑම ක්‍රීඩකයකු සතු විය යුතු අධිෂ්ඨානය , අභියෝගයට මුහුණ දීම වැන්ඩාට හොඳින් පිහිටා නොතිබෙන්නට වනිදුගේ අඩුව පුරවන්නට පැමිණ ඔහුටත් වඩා හොඳින් ඉටු කර පෙන්නන්නට නොහැක.
මෙය ක්‍රීඩාවේ තම ගමන් මගේ ඉදිරියට යන්නට නම් ක්‍රීඩකයකු තුළ තිබිය යුතුම ගුණාංගයකි. බොහෝ ක්‍රීඩකයන් වරද්දා ගන්නේ මං පොර වීමට යාමෙනි.මින්පසු වැන්ඩාටත් එම රෝගය නොවැළඳුනොත් තව බොහෝ කලක් යා හැකිය.
වැන්ඩා සම්බන්ධ මෙවැනිම කතාවක් මීට දස අවුරුද්දකට කලින් සිදු විය.
ඒ අවදියේ වැන්ඩා මා පුහුණුකරු ලෙස කටයුතු කළ බදුරලිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීමට පැමිණියේය.


වැන්ඩාට වඩා පළපුරුදු වමත් දඟ පන්දු යවන්නකු වූ රනිල් ධම්මික එකොළහට ඇතුළත් වීම නිසා මුල් තරග දෙකේම වැන්ඩා සිටියේ බංකුවේය.
ඊළඟ තරගයට පෙර පුහුණුවීම් අතර තුර වැන්ඩා මවෙත පැමිණ මෙසේ කීවේය.


” සර් .. මං SSC ගහන්න යන්නද ? “
බදුරලිය පිලේ ඒ වන විට බංකුවේ සිටි වැන්ඩාගේ ඒ කතාවට පුදුමයට පත් වූ මා ඇසුවේ
” කවිද කතා කළේ? “යනුවෙනි.
” අවිශ්ක සර්!”
ඒ වන විට SSC පිලේ පුහුණුකරු වූයේ අවිශ්ක ගුණවර්ධනයි.
එවෙලේම අවිශ්කට දුරකථන ඇමතුමක් ගත් මා මේ කතාව ඇත්තදැයි විමසුවෙමි.


” ඔව් අයියේ. මගේ ඔක්කොම ස්පිනස්ලා ටුවර් ගිහින් .වැන්ඩා හෙට ආවොත් මං ඊළඟ මැච් එකේ ගස්සනවා.!”
ක්‍රීඩක ලියාපදිංචිය අනුව එක් තරගයක් හෝ ක්‍රීඩා කර නැත්නම් වෙනත් ක්‍රීඩා සමාජයකට යාමට හැකියාව තිබුණු අතර ඒ සඳහා තමන් ලියාපදිංචි වී සිටින ක්‍රීඩා සමාජයෙන් මුදා හැරීමේ ලිපියක් ලබා දිය යුතුව තිබිණ.


ඊළඟ තරගය ගස්සවා වැන්ඩා මුළු තරගාවලියේම බදුරලියේ තබා ගන්නට තිබුණද ( අද බොහෝ ක්‍රීඩා සමාජ කරන්නේ එයයි) ගස්සනවා නම් මං වැන්ඩා එවන්නම් යයි අවිශ්කට කියා පසුදිනම වැන්ඩා SSC වෙත යැවීමයි.


බදුරලියේ ක්‍රිකට් ලේකම්වරයාද මා නිසා එදිනම මුදා හැරීමේ ලිපිය යැවීමට හැකි විය.
කියූ පරිදිම අවිශ්ක ඊළඟ තරගයේ වැන්ඩාව SSC කණ්ඩායමේ ක්‍රීඩා කරවූ අතර තම මුල්ම තරගයේ වැන්ඩා කඩුලු 7 ක් දවා ගත්තේ අප සියලු දෙනා මවිතයට පත් කරමිනි.//


මේ තරගයට අදාළව ද බොහෝ දේ මෙහි ඇත.වැන්ඩර්සේ මේ තරගාවලියට නම් කරන ලද කණ්ඩායමේ නොවීය.එහෙත් වනිඳු හසරංගගේ හිස් තැන පුරවන්න ඔහුව කැඳවීය.ඔහු ඒ අවස්ථාවෙන් ලංකාවම පුරවන්න සමත් විය. රන්ජන් පරණවිතාන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සහෘදයාගේ සටහනේ මෙන්ම හිස්තැන පුරවන්න වැන්ඩර්සේ කැඳ වූ දැණුමේ ද,ක්‍රීඩකයෙක් ගැන වඩා වැදගත් අත හැරීම නම්, ඔහුට බලපාන ලෙස ඒ අත හැරීම කිරීමට ඇති පරිත්‍යාගශීලී කැපවීමත් වැනි බොහෝ දේ විය.


අවුරුදු 10 ක් ඒ මේ අතට වීසි වෙවී සිටින ස්ථීර නොවන ක්‍රීඩකයෙක් වන වැන්ඩර්සේ අවසානයේ ඔහු කවුද යන්න පෙන්නුවේ ප්‍රබලම පිතිකරණ බල ඇණීයක් සහිත ඉන්දියාවට එරෙහිව ලකුණු 33 ට කඩුලු 6 ක් දවා ගනිමින්ය.ඒ දරා ගැනීම වගේම කණ්ඩායමේ සිටින ලොව පිළිගන්න හොඳම පන්දු යවන්නා එළියට ගිය විට ඇති වන හිස්තැන වසා ගැනීම වෙනුවෙන් වැඩි වෙහෙසක් ගැනීම ද මේ කණ්ඩායම තුළ තිබිණ.එසේම කිසිඳු පිතිකරුවෙකු අපරික්ෂාකාරී වෙන්න සූදානම් වූ බවක් පෙනෙන්නට තිබිණ.ඒ නිසා මැද පෙළින් ද පෙර පෙළින් ද ලකුණු පැමිණියේය.පන්දු යවන්නෝ එල්ලයට පන්දු යැවූහ.පහරක් දෙකක් එල්ල වුණ ද,යළිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ පිතිකරුවාට පීඩනය ගෙනෙන හැටි ඔවුන් දැන් උන්නේය


ඒ නිසා ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට වඩා ශ්‍රී ලංකාවේ ප්‍රබලත්වයට ශ්‍රී ලංකාව බල පෑ හැටි අධ්‍යයනය කිරීම වටින්නේය.ඔවුන් කණපිටටම හැරෙන්නට තරම් හිත සකස් කර ගත්තේ කෙසේද යන්න ගැන නැවත නැවතත් සෙවිය යුතුය.
තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න. → https://es.pn/3MdguTb

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan