බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලීඩා සියා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් නියෝග

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශ්හි අගමැතිනි ශික් හසීනා සිය ධුරයෙන් ඉවත් වී රටින් පලා ගොස් පැය කිහිපයකට පසු බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීඩා සියා නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය කණ්ඩායම සඳහන් කර තිබුණේ, ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යුත් රැස්වීමකදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) සභාපතිනි බෙගම් ඛලීඩා සියා වහාම නිදහස් කිරීමට ඒකමතිකව තීරණය කළ බවත් විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 2000ක් පමණද නිදහස් කිරීමට තීරණය කර ඇති බවත්ය.

දෙවරක් බංග්ලාදේශයේ අගමැතිනිය වූ ඛලීඩා සියා, අගමැතිනි හසීනා සමඟ දිගු කාලින අමනාපකමක් ඇති අතර 78 හැවිරිදි ඇය අනාථ නිවාස භාරයක් සඳහා වූ පරිත්‍යාග වශයෙන් ඩොලර් 250,000ක් පමණ අවභාවිත කරමින් ඇයගේ බලය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා මත 2018 සිට වසර 17 ක සිරදඬුවමකට යටත් සිරගතව සිට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...