සමහරු කියනවා මාලිමාව බලයට ආවාම තියෙන අයගෙන් අරන් නැති අයට බෙදයි කියලා. ඒවා බොරු – හඳුන්නෙත්ති

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් මෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තම ආණ්ඩුවක් යටතේ ව්‍යාපාර නොකරන බව එම පක්ෂයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ජාතික ජන බලවේගයේ මාලිමාවේ සැලුන් දොරක් නැහැ. තියෙන්නේ මේ රටේ රාජ්‍ය දේපළ වංචා කළ හොරුන්ට වහපු දොරක්. ඒ නිසා මාලිමාවේ පාලනයක් තුළ හොරුන්ට නීතියෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.

සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් තියෙන අයගෙන් අරන් නැති අයට බෙදා දෙනවා කියලා. තවත් සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් සමෘද්ධිය හා අස්වැසුම නැති කරනවා කියලා. මේ බොරු ප්‍රකාශ වලින් හතුරා හදන්නේ ඇති අයයි නැති අයයි දෙගොල්ලොම අඅපට එරෙහිව බය කරන්න. ඒවා අමූලික බොරු. අසත්‍ය කතා. එහෙම දෙයක් වෙන්නේ නැහැ.

මේ රට හදන්නට මුලින්ම ආදර්ශයක් දෙන්නට ඕනේ දේශපාලකයෝ යි. අද පාර්ලිමේන්තුවේ ඉන්න හුඟක් මන්ත්‍රීවරු වගේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අපි ව්‍යාපාර කරන්නේ නැහැ. අපි කරන්නේ දේශපාලනය”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ බියගම ප්‍රදේශයේ පැවති ජාජබ ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...