Debby ගිණිකොන දිග ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල කරයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩෙබි සුළි කුණාටුව හේතුවෙන් ගිණිකොන දිග ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, කුණාටුව හේතුවෙන් ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජෝර්ජියා හා කැලොරයිනා යන ප්‍රාන්තයන්ට ඉදිරි දින කිහිපය තුළ දී දැඩි ගංවතුර තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවන අතර, මේ වන විට ඩෙබි සුළි කුණාටුවේ ප්‍රබලත්වය අවම වීම හේතුවෙන් එය ගමන් කිරීමේ වේගය අඩාල වී ඇති බව ද කාලගුණ අංශ පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ,  ජාතික සුළි කුණාටුව මධයස්ථානය අනතුරු අගවන්නේ, ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග හටගන්නා ගංවතුරත් සමග ජිවිත හානි සිදුවිය හැකි බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...