ධම්මිකගේ තීරණයේ වෙනසක් නැත්නම් නාමල් සූදානම්!

Date:

කොළඹ LNW:පොහොට්ටුව ලෙස ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට පසුගිය 29 වැනිදා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර හෙට උදෑසන හතට පෙර ධම්මික පෙරේරා මහතා විසින් නැවත තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළේ නැත්නම් පොහොට්ටුව විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතාගේ තීරණයේ වෙනසක් නොවන්නේ නම් අපගේ නා මල සූදානම් බවයි වීරතුංග මහතා සඳහන් කළේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නෙළුම් මාවත කාර්යාලයේදී ප්‍රකාශ කෙරෙනු ඇති බව ඔහු කියා සිටියේය.

බටහිරයේ මුදල්වලටවත් වෙනත් අයගේ අවශ්‍යතාවන්ට හෝ නාමල් රාජපක්ෂ නතර කරන්නේ නැති බවයි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවද වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතාගේ මව විසින් ඔහුගෙන් කළ ඉල්ලීමක් මත එලෙස ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ඔහු තීරණය කර තිබෙන බවටයි උදයංග වීරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...