රෙගුලාසියට පටහැණිව බාර් ලයිසන් නිකුත් කිරීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙර්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සුරාබදු රෙගුලාසි වලට පටහැණි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ, සුරා බදු රෙගුලාසිවලට පටහැණිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම හතරක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණු අතර ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට ද අධිකරණය විසින් නියෝග කරන ලදී.

පෙත්සම් විභාගය 2025 පෙබරවාරි 06 වනදා පැවැත්වීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...