පේරාදෙණියේත් විරෝධතාවක්. පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් !

පේරාදෙණිය, ගලහ මං සන්ධිය අසලදී විශ්වවිද්‍යාල සිසුන් විසින් දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.

ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඔවුන් මෙම සාමකාමී විරෝධතාවට එක්ව සිටි අතර එය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.

අද උදෑසන පටන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැවැන්ත පොලිස් බල ඇණියක් රඳවා තිබෙනු ද දක්නට ලැබිණි.

RN