*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

ලක්ෂ 220කගේ අභිලාෂ දිනවන්න රටට උත්තර සපයන්න අපි එක් වුණා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව කුප්‍රකට වංචනික දේශපාලන රටාවෙන් බැහැර වී ජනතාවට උත්තර සපයන සන්ධානයක් ආරම්භ කළ බවත් ලක්ෂ 220 ජන දුක නිවාලන්නට බිහි වූ මේ සමගි ජන සන්ධානය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙන බවත් කුමන භාෂාවක් කතා කළත් කුමන පක්ෂයකට ඇතුළත් වුවත් සියල්ලන්ගේම අපේක්ෂාව නොබෙදුනු රටක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාති ආගම් කුල වශයෙන් රටක් ලෙස බෙදී ඇති බවත් මේ බෙදුනු දේශය මතු පරපුරට දායාද කළ නොහැකි නිසා මේ රට මෙයින් මුදවා ගත යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා බෙදීම් ඉදිරි පරම්පරාවට දායාද කරන ක්‍රමය නැති කර මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් ලබා දිය යුතු බවයි සඳහන් කළේ.

එසේම පෞද්ගලික අභිලාෂ පැත්තකට දමා පරාර්ථකාමී සංකල්පයම පෙරදැරි කර ගෙන ශ්‍රී ලංකාව අංක 1 ට ගෙන ඒමට එකතු වීම සතුටට කරුණක් බවත් රට ගොඩනගන එකමුතුව යන ගමනේ පළමු පියවර මෙසේ තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගියෙන් බිහි වූ මේ එකමුතුභාවය නැති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලැජ්ජා නැති ලෙස කටයුතු කරන බවත් මේ සන්ධානය බාර් පර්මිට්වලට වරදාන වරප්‍රසාදවලට ලබා ගන්න හැදුවත් සමගි ජන බලවේගයේ වරදාන වරප්‍රසාද වලට රට පාවා දෙන අය නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන සන්ධානය සමඟ එක්ව සිටින අනෙකුත් පක්ෂ රාශියක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම වෙනුවෙන් ඊයේ (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති උත්සවය අමතමිනි.

“සමගි රටක් සැමට ජයක්” යන තේමාව පෙරටු කර ගත් මෙම සම්මුතිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වතුකරයේ ජනතාව නියෝජනය කරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආදී පක්ෂ රැසක් එක්වූහ.

ඒ සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් , කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් , නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම , ජි.එල් පීරිස් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර , පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ. එල්. බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ජනරල් මහේෂ් සේනානායක සහ දේවිකා කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් අත්සන් තැබූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද අත්සන් තැබූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan