කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට ඇමරිකාව එකඟතාව පළකර තිබේ.
ඒ,ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආසියා කාර්යාංශයේ සහකාර පරිපාලක මයිකල් ෂිෆර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර මුදල් අමාත්‍යාංශයේ දී සිදු වූ හමුවේදීය.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ මත පදනම් වූ වර්ධනය ශක්තිමත් කිරීම, පාරිසරික තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහ පාලන භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා එම ප්රදානය හිමිවන බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ