IMF ගිවිසුම සංශෝධනය කරන්න ගියොත් ආපහු පෝලිම්වල ඉන්න වෙයි – රනිල් අනතුරු හඟවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම සංශෝධනය කිරීමට උත්සාහ කළොත් ණය දුන් රටවල් එය පිළිනොගන්නා බවත් එවිට ශ්‍රී ලංකාව නැවතත් පෝලිම් යුගයකට ඇද වැටෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මම ගිහින් IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා. ඒ වගේම මම ගිහින් අපට ණය දුන්න රටවල් එක්ක සාකච්ඡා කළා. හැම එක්කෙනාම එකඟත්වයකට ආවා. ඉස්සෙල්ලාම මට කිව්වා IMF සංවිධානය එක්ක සාකච්ඡා කරලා එන්න කියලා. ඊටපස්සෙ ඒගොල්ලො ඒක සලකා බලලා සංශෝධන දෙක තුනක් කරලා සාමාන්‍යයෙන් ඒකට එකඟ වුණා. දැන් ඒ අනුව අපට කල්දීලා තියෙනවා 2042 වෙනකල් ගෙවන්න. අවුරුදු කීපයක් අපට තියෙනවා අපේ ණය ආපහු ගෙවන්න වුවමනා නෑ, අපට ගෙවන්න තියෙන්නෙ පොලිය විතරයි. අපට දැන් කාලය ලැබිලා තියෙන නිසා අපට දැන් ණය ගෙවන්න මීට වඩා පහසුයි. දැන් මේ ගිවිසුම අපි නැති කළොත්, අපි මේ ගිවිසුම සංශෝධනය කරන්න ගියොත් ආපහු ඒගොල්ලො ඒක පිළිගන්නෙ නෑ. එහෙනම් අපි ආපහු පරණ තත්වයට වැටෙනවා. අපට මුදල් දෙන්නෙ නැත්නම් විදේශ විනිමය දෙන්නෙ නැත්නම් අපට මේක ගෙනියන්න බෑ. අපි 17 වතාවක් IMF එකට ගිහින් 17 වතාවම කොන්දේසි කැඩුවා. මේ සැරේ ඒ අය කිව්වා මේක මදි, ඔයා ගිහින් නීතියක් සම්මත කරන්න කියලා. මම නීති තුනක් සම්මත කරලා තියෙනවා ඒ නිසා. මොකක්ද වෙන්නෙ මේක කැඩුණොත් ? ආපහු පෝලිමේ ඉන්න වෙන්නෙ. අපේ තීරණය තියෙන්නෙ අපි මේ වැඩසටහන ඉදිරියට ගෙනියනවාද නැද්ද කියන එක මේ ඡන්දෙන්”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවරදී පැවති වතු කම්කරු සංගම් නියෝජිතයින්ගේ රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...