මියන්මාරයෙන් පලා යමින් සිටි රෝහින්ග්‍යා වැසියන්ට ඩ්‍රෝන ප්‍රහාර; 200කට අධික පිරිසක් මිය යයි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ සිට බංග්ලාදේශය දක්වා පලා යමින් සිටි රෝහින්ග්‍යා වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගැබිනි කාන්තාවක් සහ ඇගේ 2 හැවිරිදි දියණිය ඇතුළු 200කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද වීඩියෝවලින් පෙන්නුම් කළේ මඩ සහිත බිම පුරා විසිරී ඇති සිරුරු ගොඩවල් හා ඔවුන්ගේ ගමන් මලු විසිරි ඇති ආකාරයයි. මෑතකදී ජුන්ටා හමුදා ව සහ කැරලිකරුවන් අතර ඇතිවූ සටන් අතරතුර රඛයින් ප්‍රාන්තයේ සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය මෙයයි.

මේ සම්බන්ධයෙන් අරකන් හමුදා ප්‍රකාශක Kine Thu Kha සඳහන් කර තිබුණේ, විමර්ශනයට අනුව, ත්‍රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයන් Maungdaw සිට බංග්ලාදේශයට යාමට උත්සාහ කළ බවත්, ඔවුන් අවසරයකින් තොරව පිටව ගිය නිසා ජුන්ටාව බෝම්බය හෙලන ලද බවත්ය.

මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන් දිගු කලක් හිංසාවට ලක්ව ඇත. ඔවුන්ගෙන් 730,000 කට වැඩි පිරිසක් 2017 දී රටින් පලා ගිය අතර 2021 වසරේදී අවුන්සාන් සුකී සිරගත කරමින් හමුදාව ආණ්ඩුව පැහැර ගැනීමත් සමඟ මියන්මාරය කැළඹී ඇති අතර මහජන විරෝධතා පුළුල් සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වී තිබේ. මිලීෂියාව විසින් මැයි මාසයේදී විශාලතම රොහින්ග්‍යා නගරය ගිනිබත් කළ අතර මේ වෙනුවෙන් කිසිදු රටක් මැදිහත් වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...