*
Friday, October 11, 2024
spot_img

Latest Posts

විජේදාස සිටියදී මෛත්‍රීපාල සජිත්ට සහාය දෙන්න හැදීමේ සැබෑ අරමුණ මොකක්ද ?

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්න සූදානමින් ඉන්නවාය කියලා කතාවක් පැතිරෙනවා.

මේ ගැන අවසන් තීරණයක් ගන්න මෛත්‍රීපාල සිරිසේනයි ඔහුට සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කිහිපදෙනෙකුයි නුගේගොඩ පැත්තේ විහාරස්ථානයේදී සජිත්ගේ නියෝජිතයෙක්ව අද (11) දවසේ හම්බවෙලා සාකච්ඡා කරන කතාවක් තමයි කියවුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පහුගිය දවසක සභාපතිකමෙන් අයින් වෙලා ඒ තනතුර විජේදාස රාජපක්ෂට දුන්නා. ඒ කරලා තමන්ගෙ පාර්ශ්වයෙන් ජනාධිපතිවරණයට විජේදාසව ඉදිරිපත් කරනවා කියලාත් කිව්වා. විජේදාසත් කැබිනට් ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඇප මුදලුත් තැන්පත් කරලා ඉන්නේ මේ වෙද්දී.

ඇත්තටම ශ්‍රීලනිප සාමාජිකයෙකුත් නොවුණු, අවුරුදු ගාණකින් ශ්‍රීලනිපය පැත්ත පළාතේවත් නොහිටපු විජේදාස රාජපක්ෂව එක පාරටම ශ්‍රීලනිප සභාපති කරලා ජනාධිපති අපේක්ෂකත්වයත් දුන්නේ මොකද කියන එකත් ප්‍රශ්නයක් තමයි. දැන් විජේදාස ඉඳිද්දී මෛත්‍රීපාල සිරිසේන සජිත් ප්‍රේමදාසට සහාය දෙන්න යනවා නම් එතන තවත් ප්‍රශ්න ගොඩක්.

මෛත්‍රීපාල සිරිසේන ඉන්නේ ප්‍රජා අයිතිය අහිමි වීමේ අනතුරකට මුහුණ දීලා. ප්‍රජා අයිතිය අහෝසි වෙන්න ක්‍රම දෙකක් තියෙනවා.

එකක් තමයි බුන්වත්භාවය. ඒ කියන්නෙ බංකොලොත් වීම. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ නඩුවේදී මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් වන්දි ගෙවිය යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඔහු දැනට එයින් මිලියන 58ක් ගෙවලා ඉතිරි මිලියන 42 ගෙවන්න අවුරුදු හයක් කල් ඉල්ලලා තිබුණා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තිබුණේ සම්පූර්ණ මුදල මේ මාසේ, ඒ කියන්නෙ අගෝස්තු 30 වෙනිදා වෙනකොට ගෙවලා අවසන් කරන්න කියලායි. ඉතින් මීළඟ දවස් 19 ඇතුළේ මේ මුදල ගෙවන්න මෛත්‍රීට බැරි නම් බුන්වත්භාවය ප්‍රකාශයට පත්කරන්න තමයි වෙන්නේ.

ප්‍රජා අයිතිය අහෝසි වෙන අනිත් ක්‍රමය ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් කරලා වාර්තාවක් අරන් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීම. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුණේ එහෙමයි. යම් විදියකින් රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජනාධිපති වුණොත් දින 52 ආණ්ඩුව වෙලාවේ කරපු දේවල්වලට රිටර්න් එක්කුත් හැටියට මෛත්‍රීට ඔය සැලකිල්ල දෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් යම් යම් දේවල් සිදුවෙමින් තියෙනවාය කියන එකත් මෛත්‍රී හොඳටෝම දන්නවා ඇති.

ඉතින් විජේදාසව මොකට අපේක්ෂකයා කළත් ඔහුට දිනන්න බෑ කියලා මෛත්‍රී හොඳටෝම දන්න නිසා ෂේප් එකේ සජිත්ට සහාය දීලා සජිත් දිනුවොත් ප්‍රජා අයිතිය එතනින් බේරාගන්න ප්ලෑන් එකක් ගහනවා වෙන්නත් පුළුවන්. අපි දන්නෙ නෑ ඔව්වා.

අනිත් ප්‍රශ්නය වෙන්නේ සජිත්ට. මෛත්‍රීපාල මේ වෙලාවේ සජිත්ට සහාය දෙන්න ඉදිරිපත් වුණොත් ඒකෙන් උදව්වක් නෙවෙයි සජිත්ට පාඩුවක් තමයි වෙන්නේ. මොකද මෛත්‍රීගේ සහාය ගන්න කාටවුණත් සමාජය ඉස්සරහා ලොකූ අපවාදයකට මුහුණ දෙන්න වෙනවාමයි.

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කොහෙත්ම විශ්වාස කරන්න බැරි, ඕනෙම වෙලාවක ඕනෙම අඩව්වක් අල්ලන්න පුළුවන් ජාතියේ කට්ට කපටි වෙට්ට පිත්තල දේශපාලකයෙක්. දැනට ඉතින් හරියටම කියන්න පුළුවන් එච්චරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan