ඇමෙරිකානු නාවුක පර්යේෂණ ආයතන ප්‍රධානීන් තානාපති සමරසිංහ හමුවෙයි.

0
356

අශෝක ජයතුංග

අගෝස්තු 12, වොෂින්ටන් LNW :

ඇමෙරිකා එක්සත් ජනපද නාවුක පර්යේෂණ ආයතනයේ ආචාර්ය එම්ලි ශ්රෝයර් මහත්මිය හා එරට නාවුක පර්යේෂණ රසායනාගාර විද්‍යාඥ්‍ර ආචාර්ය හේමන්ත විජේසේකර හා නොට්‍රෙඩෙම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරු පසුගියදා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් හමුවූහ.

වොෂින්ටන් ඩී සී හි තානාපති පරිශ්‍රයේදී එම හමුව සිදුවූ අතර  ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර නාවුක හා සමුදු කේන්ද්‍රීය සහයෝගීතාව හා පර්යේෂණ වලට අදාළ සාකච්ඡා හරහා වැදගත් තීන්දු කිහිපයකට එළඹ තිබේ.

තානාපති කාර්යාල නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ හා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් චමින්ද ලියනගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.