රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):
2024 ජනාධිපතිවරණයේදී, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇත.
කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා පැවැසුයේ තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සදහා නාමයෝජනා ලබාදුන් පක්ෂය බවයි. තම පක්ෂය නාමයෝජනා ලබාදුන් පොදු අපේක්ෂකයා 2015 වසරේදී ජයග්‍රහණය කළ බව ලේකම්වරයා පවසයි.
වැඩිදුරටත් සදහන් කළේ, රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බවයි.