ආපහු එන අයත් ඉන්නවා.එතනට යවලත් තියෙනවා – ජොන්ස්ටන්

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට පොහොට්ටුවේ සිට ගිය ඇතැම් මන්ත්‍රීවරු යළි පැමිණෙමින් සිටින අතර එතනට යවපු කණ්ඩායමක්ද සිටින අතර පොහොට්ටුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිදුවන්නේ කුමක්ද යන්න බලා සිටිය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ චන්ද්‍රසේන මහතා වැරදි වෙලාවේ වැරදි තැනට ගොස් සිටින අතර ඔහුගේ අපේක්ෂකයා අන්ත පරාජයක් ලබන බවයි.

යථාර්තය එය බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

අනුර දිසානායක මහතාටද ජයග්‍රහණය කළ නොහැකි බවත් 2019දී ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කළ හැකි එකම කෙනා යැයි කියමින් සජිත් ප්‍රේමදාස මහතාව රට වටේ ගෙන ගිය අතර ඔහු එජාපයත් කඩා සජබ හැදුවද පරාජයට පත් වූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට වැඩිම ජන්ද ටික රැගෙන දීමට කටයුතු කරන බවත් අනුරධපුරයෙන්ද ඉතිහාස ගතවෙන ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...