අපි ආණ්ඩුව ගත්තම පොළී අනුපාත,විනිමය අනුපාත ස්ථාවර කරනවා – හර්ෂ

Date:

කොළඹ LNW: තව සති කිහිපයකින් ආණ්ඩුව බලය ගත්විට වගකියන ආණ්ඩුවක් ලෙස සාර්ව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

”අපි තව සති කිහිපයකින් ආණ්ඩුව ගත්තම අපි වගකියන ආණ්ඩුවක් වෙනවා. වගකියන් ආණ්ඩුවෙන් මේ රට කිසිසේත්ම අපේ සාර්ව ආර්ථිකය කලබල කරන්න,එහි පොළී අනුපාත,විනිමය අනුපාත ඉහළ පහළ යන්න නොදී ස්ථාවරව තියාගන්න අපි වැඩකටයුතු කරනවා.” යනුවෙනුයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පසුගියදා මුදල් අවශ්‍යතාවකට ආණ්ඩුව භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියක් සිදුකර තිබුණ අතර එහිදී 8%9% මට්ටමෙන් එහාට ගොස් 135ක් වැනි ඉහළ පොළියක් දක්වා පොළී අනුපත් වැඩි වී තිබුණ බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

එමඟින් ආණ්ඩුව වැටුණොත් හෝ අලුත් ආණ්ඩුවක් පැමිණියහොත් කලබලයක් ඇතිවිය හැකි බවත් මුදල් එකතු කරගැනීම දුෂ්කර විය හැකියි යන්න පෙන්නුම් කර ආණ්ඩුව කරගෙන යාමට හැක්කේ අපට පමණයි යන්න ජනතාව බියගැන්වීමට ඇතැමුන් උත්සහ කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. පෙන්වා

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කඩුවෙල ආසනයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...