ඉන්න සහ මම ….

හේන් කරවිල වැල
ළා රිකිලි ලා නැගෙයි
සිට වූ දින ඉන්න

හීලෑ කර ගතිමි ඒ වැල
නගින්නට මා ඉන්න දිග
උදෑසනකම සැම
ගොස් බලමි එය
නැගෙන්නේදැයි ඉන්න දිග

නැගෙන විට නව රිකිල්ලක්
සොයන්නෙමි තව ඉන්නක්

ඉන්න පමණක් නොව
ඉන්නේ වැල සමග
මමද ‘ඉන්නේ’ වෙමි
ඉන්න හා වැල ළඟ
තණ පැල ඉවත ලමි
ඉන්නේ ඉන්න බැරි
කරවිල රිකිල්ලට
තිබ්බටු ගස වෙතට
නැවෙන්නට ඉඩ නොදෙමි

එදා යම් දවසක
කැලයෙන් සොයාගෙන
කොටුවක කොටු කෙරූ
කරවිල නම් පැලය
ආදිම මුතුන් මිත්තා
නැවතුණ ලෙසම
මමද නවතිමි වැල ළඟ
ඉන්නක්ද හිටවාගෙන

හීලෑ කළේ මිනිසාද
ඒ පැලය, වැල හෝ ගස
නැතිනම්
ඒවාද හීලෑ කළේ මිනිසා
සංචරන නවතා
ඉන්න ළඟ ඉන්නට

වැලට යන්නට හිටවන
ඉන්නට ‘ඉන්න’ කීවේ කවුරුද ?
මගේ කරවිල වැල ළඟ
ඉන්නෙ ඉන්නක්ම විතරද ?

~ ලියනගේ අමරකීර්ති

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...