සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 
අගෝස්තු 19,LNW මහනුවර :
ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

රාත්‍රී 06.57ට උතුරු දිශාභිමුඛව පිටත් වෙන දළදා පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවලා පෙරහැර සමඟින් වීදි සංචාරයට එක්වේ.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදේ.

සිව් වන රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි. සිංහරාජා සහ මියන්රාජා යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැරේ ගමන් ගත්තේය.

අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සධාතුක පෙරහැර කරඩුව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ තැම්පත් කිරීම සිදුවන අතර අනතුරුව සිව් මහා දේවලා ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරති.

පසුව එදින දිවා පෙරහැර ඩී.එස්.සේනානායක වීදිය, රජ විදිය ඔස්සේ ගමන් කොට දළදා වීදියට ප්‍රවේශ වන අතර අනතුරුව මහනුවර ජනපති මැදුරේදී දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...