ධනය නිර්මාණය කරගත හැකි ආර්ථිකයක් හදනවා – කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක දිලිත්

සටහන – රුවන් නෙළුගොල්ල

සියලු දෙනාටම ධනය නිර්මාණය කරගැනීමට හැකි රටක් බිහිකිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“අපට අවශ්‍යයයි සාම්ප්‍රදායික රැකියා, ඒ වගේම සුබසාධන ක්‍රමයෙන් ඔබ්බට ගියපු, සියලු දෙනාටම ධනය නිර්මාණය කරගන්නට පුළුවන් පරිසරයක් හදන්න. ඒ පරිසරය හදන්නට තමයි අපි කියන්නෙ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් වන්නට ඕනෙ. අනෙකුත් කිසිම අපේක්ෂකයෙක් මේ වනවිට එහෙම තර්කානුකූල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නෑ. ඔවුන් අර සම්ප්‍රදායික ප්‍රතිපත්තිම කියමින් ඉන්නවා. අපට අවශ්‍ය අලුත් දෙයක් කරලා, ඒ තුළ නිර්මාණශීලීව, ඉතාම ක්ෂුද්‍ර ව්‍යවසායකයාගේ සිට විශාලතම ව්‍යවසායකයා දක්වා ඒ වගේම ඉතාම කුඩා දුප්පත්ම දුප්පත් පවුලේ සිට විශාලතම ධනවත්ම පුද්ගලයා දක්වා කොහොමද මේ ධනය නිර්මාණය කරගන්නෙ රටක් හැටියට, එයින් කොහොමද මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නෙ කියන එක තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ. මං හිතනවා එය ආකර්ෂණීය වෙයි සියලුම ශ්‍රී ලාංකිකයින්ට”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී සර්ව ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...