උතුරේ ඡන්ද වර්ජනයට බල කිරීමක් ?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ නොකොට ඡන්ද වර්ජනය කරන ලෙසට බල කරමින් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් පත්‍රිකා පනස් දහසක් බෙදාහැර තිතිබෙන බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මඩකලපුව ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක මෙම පත්‍රිකා බෙදාහැර ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇත.

එල්ටීටීඊ හිතවාදී විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව මේ වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදී ඇති බවත්, දකුණේ දේශපාලනයට එමගින් දැවැන්ත බලපෑමක් එල්ල කිරීම අරමුණ වී ඇති බවත් වාර්තා වේ.

උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට අලුතින් සිංහල ජනාවාස ඇති කරමින් බෞද්ධකරණය කිරීමක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බැවින් තම ජනතාවගේ අක්කර දහස් ගණනක ඉඩම් යටපත් කරගෙන සිටින බවත් මෙම පත්‍රිකා මගින් අවධාරණය කර ඇති බව පැවසේ .

2009 යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසඳුම් ගෙන එන බවට සෑම රජයක්ම පොරොන්දු වුවත් එකදු රජයක් හෝ එම ගැටලුවට විසඳුම් නොදුන් බවත් එමගින් පෙන්වා දී ඇති අතර , පත්වීමට නියමිත නව ජනාධිපතිවරයාගෙන්ද ඊට විසඳුම් නොලැබෙනු ඇති බවත් පත්‍රිකාවේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප කිරීමෙන් දෙමළ ජනතාවගේ බලය පෙන්වා දිය හැකි බවද, එමගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැර වූ සහ සන්ධීය පාලන ක්‍රමවේදයක් ඔස්සේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට ස්වයං පාලන ව්‍යුහයක් සහිත ශ්‍රී ලංකා රජයෙන් වෙන්වූ වෙනම පාලනයක අවශ්‍යතාවද එමගින් පෙන්වා දී තිබේ. මෙම පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි ලැබී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...