කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හතක් රෝහලේ!

0
545

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

අද (18) දහවල් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 සහ මාස 18 දරුවන් දෙදෙනෙක් , කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පොලිසිය සඳහන් කරන අතාර, මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ , තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි.