මැතිවරණ වියදම් නියාමන ගැසට්ටුව අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල දැක්වෙන ගැසට් පත්‍රය අද (19) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එම පනත අනුව එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර සාකච්ඡාවක් පසුගිය 17 වනදා පවත්වා තිබුණු අතර එහිදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් ශත 50 සිට රුපියල් 1000 දක්වා වියදම් කිරීමට යෝජනා අපේක්ෂකයින් වෙතින් ඉදිරිපත්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...