බලාගෙන ඉන්න සජබෙන් තව 5ක් එනවා – මනූෂ

කොළඹ LNW:සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති බව කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පවසයි.

නානායක්කාර මහතා පවසන්නේ සමඟි ජන බාල්වෙගයෙන් තවත් මන්ත්‍රීවරු 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වන බවයි.

“සමගි ජනබලවේගය කියන්නේ පට්ට සමබර කණ්ඩායමක් විල්පත්තුව කපපු රිෂාඩ් බදියුදීන් ඉන්නවා. විල්පත්තුව කපනවාට විරුද්ධ වුණ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ඉන්වා. බැඳුම්කර මගඩියට පොත් ලියපු සුජීව සේනසිංහ එතන ඉන්නවා. එතකොට මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු ඩලසුත් ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට්නෝට් දාපු අජිත් පී. පෙරේරා ඉන්නවා. මහ දවල් කොල්ල කාලා කියලා කෑ ගහපු සෙට් එකත් එතන ඉන්නවා. ඔට්ටුවලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුන රණතුංගත් ඉන්නවා. ඔට්ටු දාන තිලංග සුමතිපාලත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න එක ටිං ටිං වැඩක් කියපු චම්පිකත් ඉන්නවා. ඉංග්‍රීසියෙන් කථා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාසත් ඉන්නවා. මේ ළඟදි කිව්වනේ එයාගේ තියෙන්නේ මහ ළාමක ටිංටිං වැඩ කියලා චම්පික රණවක. හැබැයි එයත් ලැජ්ජා නැතිව ඉන්නවා. මොකද පක්ෂය හදන්න ඕනේ කියපුවා දෙන්න ඇති. අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා” යනුවෙන් ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...